෴....ආයුබෝවන්....෴

Friday, December 31, 2010

2011 වාසනාවන්ත සුභ නව වසරක් ...........


ආදරයේ සොඳුරු හැඟුමින නැලවෙනා
බිඳුනු තැවුනු සිත් සාමයෙන් සැනසෙනා
යහපත් චේතනා සිත් තුල පීදෙනා
නැවුම් වසරට ගෙනෙමි සුපැතුම් සතොසිනා

~ ශෂික සඳරුවන් ~


Thursday, December 30, 2010

ආදරණීය අලුත් අවුරුද්දට පෙරවදනක්.....



(බාගෙට කියවන්න එපා වැරදි අදහසක් එයි)
ආදරනීය අලුත් අවුරුද්ද 2011,සොඳුරු මතකයන් එක්ක ඈත්වෙලා යන 2010 පරණ අවුරුද්ද වගේම ගෙවන්නද අදහස..?
චුට්ටක් හිතුවම මොනවද දැනෙන්නෙ,අපේ ජිවිත තාමත් පරණ ව්දියමයි,හැමදමත් එකම තැන වගේ,හුරුවෙලා ඉන්න රටාවෙන් මිදෙන්න හරිම අමාරුයි.දැන් අපිට වෙනස් වෙන්න කාලෙ හරි.මේ අවුරුද්දෙ ඉඳන් මම වෙනස් වෙනව.
හැම අවුරුද්දකම අන්තිම දවස් කීපයෙ ඔයවිදිහට හිතුව මතකද,පොඩ්ඩක් හිතෙන් අහල බලන්න.
ඇයි එහෙනම් අපි තාමත් පරණ track එකේම දුවන්නෙ.ඒක තමයි මනුස්සයා පුරුදු ගුලියක් කියන්නෙ.හිතුනෙ නැද්ද ඒගැන පොඩ්ඩක් හිතල බලන්න.
හිතල බලන්නකො lecture එකකට ගියත්, lab එකට ගියත්,කලින් දවසෙ වාඩිවුන තැනම නේද පහුවදාත් වාඩිවෙන්න හදන්නේ,ගමනක් යනකොට වාහනේ නවත්තල කෑම කාපුතැනම නේද ආයෙ දවසක යනකොට වහනේ නවත්තන්න උත්සාහ කරන්නෙත්.වෙනස් වෙන්න මේ මනුස්ස හිතේ පුදුම අකමත්තක් තියෙන්නෙ.ඒක නේද මේ මනුස්ස හිතේ හැටි.දෙයක් පුරුදු කරන්නත් ඒ වගෙම තමයි,පුරුදු විච්ච දෙයක් අත හරින්නත් එහෙමමයි.පොඩ්ඩක් හිතල බලන්න ඒක එහෙම නෙමෙයිද කියල.
මේ වුරුද්දෙත් අන්තිමට ඒ විදියට හිතල ඒකත් පරණ අවුරුදු වල වගේම වෙනවනම් වැඩක් නෑ නෙද?
අපේ ජිවිත වල අපි හුරුවෙල ඉන්නෙ අපේ කාර්ය බහුලත්වයත් එක්ක ඒ වැඩවලට අනූව හැඩගැහෙන්න, ඒනිසා පොඩ්ඩක් වෙනස් වෙන්න සෑහෙන්න අමාරුයි.ඔය හැමදේම ගැන හිතුවම මෙහෙම යෝජනවක් කරන්න හිතුන,හැම අවුරුද්දෙම වගේ මේ අවුරුද්දෙත් ලොකූවට වෙනස් වෙන්න හදන්නේ නැතුව අපි හුරුවෙල ඉන්න එදිනෙදා කරණවැඩ වෙනදට වඩා කාර්යක්ෂමව පිලිවලකට කරල ඔය බලාපොරොත්තු වෙන වෙනසට ලඟා වෙමු.ඒ අදහස ටිකක් හොඳයිනම් මේ අවුරුද්දෙ අන්තිමට, තමන්ගෙ වැඩ වෙනදට වඩ කාර්යක්ෂමව පිලිවලකට කරන්නෙ කොහොමද කියල හිතන්න කියල යෝජනා කරනව...
මේ කියන්නෙ එදිනෙදා වැඩ ගැන ගැන යාලුවනේ...

ඒ නිස ජිවිතේ නරක පුරුදු අතහරින්න,අලුත් විදියට හිතන්න,අලුත් බලාපොරොත්තුවක් ඇති කරගන්න මේක හොඳ අවස්තවක් කරගන්න කරගන්න කියලත් යෝජනා කරණව...